C programming සිංහලෙන් #2
කට්ටිය කොහොමද ඔන්න අද ගෙනාවා, C Programing Language එකේදී අපි කොහොමද කමෙන්ට්ස් පාවිච්චි කරන්නේ, මොනවද එහ්, ඒවගේම වේරියබල්ස් එකක වැඩකරන්නේ කොහොමද කියන එක.
Part 01.
කමෙන්ට්ස් එක්ක කොහොමද අපි වැඩ කරන්නේ?, මොනවද මේ කමෙන්ට්ස් කියන්නේ?
ඕනෙම ලැන්ග්වේජ් එකකදී ඉගනගන්න මූලිකම දෙයක් විදිහට කමෙන්ට්ස් පෙන්නලා දෙන්න පුලුවන්, මේවා අපි පාවිච්චි කරන්නේ, අපි මොකක්හරි ප්‍රෝග්‍රෑම් එකක් හදනකොට, ඒකෙදි පාවිච්චිකරන කේත කොටස් විස්තරකරන්න තමයි මූලික වශයෙන් මේ කමෙන්ට්ස් පාවිච්චි කරන්නේ. මේවා කම්පයිලර් එකෙන් කම්පයිල් කරන්නේ නැති කෝඩ් එහ් කියන්නේ අක්‍රීය කරපු කේත කොටස්. අපිට මේ කමෙන්ට්ස් අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඕනෙම තැනක දාන්න පුලුවන් එහෙම දැම්මා කියලා කම්පයිල් කරනකොට Error එකක් එන්නේ නෑ. C වලදි අපිට කමෙන්ට්ස් පාවිච්චිකරන්න පුලුවන් ආකාර 2ක් තියනවා, ඒ තමයි
01. තනිපෙලක් සදහා කමෙන්ට්ස් පාවිච්චි කිරීම(Single Line Comments).
02. පේළි කිහිපයක් සදහා කමෙන්ට්ස් පාවිච්චි කිරීම(Multiline Comments).
~ තනිපෙලක් සදහා කමෙන්ට්ස් පාවිච්චි කිරීම~
තනිපේලියක් කමෙන්ට් කරන්න//(double backslash) පාවිච්චි කරනන්න පුලුවන් (01 රූපය).
// Comment here.
මේ // ට පස්සේ එන හැම අකුරක්ම කමෙන්ට් එකක් බවට පත්වෙනවා, එහ් කියන්නේ අපි හිතමු ඔයා // කමෙන්ට් එකක් දැම්මාකියලා ඔයාට ඒ ලයින් එකේ වෙන කෝඩ් එකක් ගහන්න බෑ දිගටම ඒක කමෙන්ට් එකක් වෙනවා.
~පේළි කිහිපයක් සදහා කමෙන්ට්ස් පාවිච්චි කිරීම~
C වලදී පේළි කිහිපයකට කමෙන්ට්ස් දානවානම් පල්ලෙහා තියන විදිහටයි ඒක කරන්නේ(02 රූපය).
/*
Comment here
this is second line
*/
කමෙන්ට් එක /* දාලා පටන් ගන්නවා, අවසන් කරන තැන */ දාලා කමෙන්ට් එක අවසන් කරනවා.
කමෙන්ට්ස් ගැන එච්චරයි දැන් බලමු අපි මොනවද මේ වේරියබල්ස් කියන්නේ ඇයි ඒවා අපි පාවිච්චි කරන්නේ කියලා.
වේරියබල් එකක්, එහෙම නැත්තම් විචල්‍යක් කියන්නේ, අපි මොකක්හරි ප්‍රෝග්‍රෑම් එකක් හදනකොට ඒකේ තියන සමහර ඩේටා තාවකාලිකව, එහ් කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකන්, Computer එකේ ප්‍රධාන මතකයේ Ram එකේ ගබඩා කරගන්න යොදාගන්න උපක්‍රමයක්. C වලදී අපි කොහොමද මේ වේරියබල්ස් එක්ක වැඩ කරන්නේ කියලා දැන් බලමු.
වේරියබල්ස් එක්ක වැඩකරනකොට C වලදී අපිට හම්බෙනවා ඩේටා ටයිප්ස් කියලා දෙයක්, මේ කියන්නේ අපේ වේරියබල් එකේ අපි සේව් කරන ඩේටා මොන වර්ගයට අයත්ද කියන එක.
C වලදී යොදාගන්න ඩේටා ටයිප්ස් කීපයක් තියනවා, මූලිකම ටික තමයි
integer
strings
floating points
boolians
ඉස්සරහා පාඩම්වලදී කොහොමද මේ ඩේටාටයිප්ස් පාවිච්චි කරන්නේ කියලා හරියටම බලමු අද කියන්නේ C වලදී වේරියබල් එකක් කොහොමද දෙන්නේ කියන මූලික දේ විතරයි.
datatype identifer = value;
datatype කියන්නේ අපේ වේරියබල් එකට දෙන ඩේටාටයිප් එක, කලින් කිව්වා වගේ මොනවද මේක ඇතුලට දාන්නේ අපි කියන එක තමයි මෙතනදි කියවෙන්නේ, ඊලගට identifer මේකෙන් කියන්නේ අපි වේරියබල් එකට දෙන නම මොකක්ද කියන එක.
C කියන්නේ Case Sensitive ලැන්ග්වේජ් එකක් නිසා අපි වේරියබල් වලට දෙනකොට හොදට ඒ ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. වැදගත්ම දේ C වලදී පාවිච්චි කරන Reserved words එහ් කියන්නේ, මේ ලැන්ග්වේජ් එකේ යෙදෙන සමහර ෆන්ක්ශන් වල නම් වගේ දේවල් මේ වේරියබල්ස් හදුන්වන්න අපිට පාවිච්චිකරන්න බෑ(03 රූපය).
= කිරීම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ එකෙන් දකුණුපැත්තේ තියන value කියන තැන තමයි අපි අපේ වේරියබල් එකේ සේව් කරන්න යන දත්ත දෙන්න ඕනේ.
අදට පාඩම එච්චරයි, වැරැද්දක් එහෙම තියනවානම් කමෙන්ට් කරපන්, Good Luck හැමෝටම
// Lesson by, N4x3r

මචන් මට උඹේ නම්බර් එක දෙන්න පුලුවන්ද.?
ReplyDelete