The Onion Router #1


The Onion Router


මොකක්ද මේ The Onion Network එක මොකක්ද මේ Tor  එහෙම නැත්තම් Onion Protocol එක?
The Onion Router කියන වචන 3 නේ මුල් අකුරු වලින් තමා මේ Tor කියන එක හැදිලා තියෙන්නේ. මේ ප්‍රොජෙක්ට් එකේ ඉතිහාසය ගත්තොත් මේක ආරම්භ වෙන්නේ ඇමරිකාවේ නාවික පර්යේෂණ ආයතනයයේ(Naval Research Laboratory) වැඩ කරපු Paul Syverson, Michael G. Reed සහ David Goldschlag විසින් මේ Anonymous network එහෙම නැත්තම් ටොර් කියන නෙට්වර්ක් එකේ මූලික පදනම Tor Project කියන නම යටතේ 90 දශකයේ මැද භාගය වෙනකොට නිර්මාණය කරනවා, ඇමරිකානු බුද්ධි තොරතුරු අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙනකොට මේවා ආරක්ෂා කිරීම මේකේ ප්‍රධාන අරමුණු කරගෙන තමයි මේක නිර්මාණය කරන්නේ, ඊටපස්සෙ 1997 වසරේදී DARPA ආයතනය විසින් නැවතත් මේක වැඩිදියුණු කරනවා. මේක  ලියලා තියෙන්නේ C, C++, Rust කියන Programming Languages වලින්. අද වෙනකොට මේක ඕපන් ප්‍රොජෙක්ට් එකක් නිසා නිශ්චිතවම කියන්න බෑ මොකක්ද දැන් තියන ලැන්ග්වේජ් එක කියලා, කොහොම හරි මේක සාමාන්‍ය ජනතාවට දෙන්න ඕනේ නිසා, ඇල්ෆා වර්ශන් එක එහ් කියන්නේ පර්යේෂණ මට්ටමේ තියන වර්ශන් එක 2002 දී 5 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් විසින් ආදායම් නොලබන එහ් කියන්නේ ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා ඊටපස්සෙ 2004 දි USENIXSecurity කියන සම්මන්ත්‍රණයයේදී මේකේ දෙවන සංස්කරණය (2nd generation of onion Router) එලිදක්වනවා. ඒත් එක්කම ඇමරිකානු නාවික පර්යේෂණ ආයතනය මේ ව්‍යාපෘතියට නොමිලේ ලබාගත හැකි බලපත්‍රයක් නිකුත් කරනවා එහ් වගේම Electronic Frontier Foundation (EFF) කියන ආයතනය විසින් මේ ව්‍යාපෘතිය කරගෙන යන්න අවශ්‍ය අරමුදල් සපයන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ Tor ව්‍යාපෘතිය නිර්මාණය වෙන්නේ.
source
අදට ඉතින් එච්චරයි තමයි 😂ඉතිහාසය පාඩමක් නිසා 😪 නිදිමත ඇති කැමති අය කියවන්න අකමැති අය එපා 👍😉, වැරැද්දක් තියනවා නම් කියපන්.

Comments

Popular Posts