DDOS Attack එකක් කියන්නෙ මොකක්ද ?

DDOS Attack ගැන කියල දෙන්න කියල අපේ ගෲප් එකේ කෙනෙක් අහල තිබ්බ. අපේ Lucifer කෙටියෙන් උනත් හොද හැදින්වීමක් කරල තිබ්බ මේක ගැන. ඒත් මේක ගැන හරියටම කියල දෙන්න ඕනෙ කිය්ල හිතුන නිසායි කාලෙකින් පාඩමක් දුන්නෙ නැති නිසායි ඔන්න අද DDOS Attack ගැන කියල දෙන්න හිතුව.



DDOS කියන එකේ තේරුම තමයි. Distributed Denial Of Service. මේකෙ සිංහල තේරුම ගත්තොත්
"බෙදා හරින ලද සේවා ප්‍රතික්ෂේප කිරීම". සරලව කිව්වොත් මේකෙ වෙන්නෙ users ල විශාල ප්‍රමාණවකින් එවන request නිසා වෙබ් සර්වර් එකේ තියෙන memory එහෙම full වෙලා සර්වර් එක crash වෙන එක. එතකොට කාටවත් ඒ සයිට් එකට යන්න හම්බෙන්නෙ නෑ.

DDOS Attack කියන්නෙ දැනට තියෙන සරලම ඒත් වඩාත්ම කාර්‍යක්ශම ප්‍රහාරයක් කියල කියන්න පුලුවන්. මේකට එරෙහිව තාමත් ගොඩක් කාර්යක්ශම විසදුමක් නෑ.

මුලින්ම attacker කරන්නෙ මේකට botnet එකක් හදන එක. වෙන device එකක access ගන්න පුලුවන් විදිහෙ bots ල මෙයා අන්තර්ජාලෙ පතුරවනව. මේව බොහෝවිට තියෙන්නෙ ඔය free දෙන software වලට එහෙම bind කරල. අන්න එහෙම තමයි මෙයා සාමන්‍ය DOS attack එකක් Distributed එකක් කරගන්නෙ ඉතින් මෙයා බලන් ඉන්නව හරි වෙලාව එනකම් සර්වර් එකට ගහන්න. එහෙම නැත්නම් සමහර කට්ටිය ඉන්නව වෙන කෙනෙක්ගෙ මුදලට මේ සේවාව සපයන.

මෙයාට ඕඩර් එක ආපු ගමන් අර bots ල පාවිච්චි කරල ඒ device වලින් down කරන්න ඕනෙ server එකට request දහස් ගානක් යවනව. ඒව දරා ගන්න බැරුව server එකේ resources එහෙම ඉවර වෙලා stuck හරි crash හරි වෙනව ආයෙ කිසිම කෙනෙකුට යන්න බැරි වෙන්න.

DDOS Attack එකකින් attacker ට කිසිම වාසියක් ඇත්තෙ නෑ. මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න පලිගන්න වගේ වැඩවලට.

මේ DDOS Attack ප්‍රධාන වර්ග 3යි.

1.Volume Base Attacks
2.Protocol Attacks
3.Application Layer Attacks

මේව ගැන වැඩිදුර කියල දෙන්නම් වෙන වෙලාවක.

DDOS Attack ගහන්න නම් දැන් වෙනකොට ඕනෙම කෙනෙක්ට පුලුවන්. මේ සදහා ගොඩක් මෘදුකාංග free download කරගන්න පුලුවන් දැන්. ඒවගේ සමහරක් තමයි,

•LOIC
•HOIC
•Xerxes
•Goldeneye
•Hulk

මේව භාවිතා කරන හැටි කිසිම දැනුමක් නැති කෙනෙක්ට උනත් ඉගෙන ගන්න පුලුවන්. ඒත් මේ attack එක හරියටම මොකක්ද වෙන්නෙ කියල දැනගෙන කරොත් තමයි වටින්නෙ.

දැන් ඉතින් DOS attack පුලුවන් කියල අහුවෙන හැම සයිට් එකටම ගහන්න යන්න එපා මොකද ඔයා යවන ඔය පුංචි traffic  එක ඒවට ගානක්වත් නෑ වගේම ඒක නීති විරෝධියි.

කැමතිනම් තමන්ම local server එකක් රන් කරල ගහල බලන්න. Linux පාවිච්චි කරල මේක කරන හැටි විස්තර ඇතිව ඊලග පාඩමෙන් කියල දෙන්නම්.

Happy Hacking…

Lesson By :
   NightShade - SLPS & BF Admin

Comments

Popular Posts