Wifi Security
Wifi security ගැන තමා අද කියන්න යන්නෙ. Wifi වලදි මුලින්ම ආවෙ WEP කියන security protocol එක.ඒකේ දුර්වලතා ගොඩත් තියෙන නිසා හැක් කරන්න උනත් ගොඩක් ලේසී. මේ නිසා 2004 දි WPA2-PSK කියන protocol එක භාවිතයට පටන් ගත්තා. ඒක දැන් අවුරුදු 15ක් විතර භාවිතයේ තිබ්බට ලොකු ලොකු update නම් මුකුත් ආවෙ නෑ. ඒ නිසා මේකට attack කරන එකත් ඒ හැටි අමාරු නම් නෑ.හැබැයි මින් ඉදිරියට නම් wifi attack එකක් කරන එක ඒ තරම් ලේසි වෙන්නෙ නෑ. මොකද 2018දී WPA3 security protocol එක හදුන්වාදීමත් එක්ක. කලින් නම් අපිට wifi network එක්කට අදාල data ටික capture කරගෙන පස්සෙ brute force attack එක්ක් හරි dictionary attack එකක් හරි කරලා password හොයා ගන්න එක. එතකොට අපිට පුලුවන් password විශාල ප්‍රමාණයක් එක්ක සන්සන්දනය කරලා අපිට හරියටම ගැලපෙන password එක හොයා ගන්න. ඒත් මේ WPA3 වල නම් මේ විදියට password එක දිගින් දිගටම චෙක් කරන්න වෙන්නෙ නෑ.අවස්තා කීපයක් විතරයි ඒකෙදි අපිට දෙන්නෙ. ඒ නිසා brute force attack එක්කින් හරි dictionary attack එක්කින් හරි නම් මේ වැඩේ කරන්න වෙන්නෙ නෑ ඉස්සරහට. ඔයාලා මීට කලින් අහලා ඇති public wifi එකක් හරහා අපේ sensitive data මුකුත් transfer කරන්න එපා කියලා. ඒකට හේතුව තමා public wifi එක්කට සම්බන්ද වෙලා ඉන්න තව කෙනෙක්ට පුලුවන් මුලු network එක හරහාම යන data traffic එක capture කරලා අදාල තොරතුරු filter කරලා ගන්න. ඒකට හෙතුව තමා wifi network එක්කදි encryption එකක් use කරනවා මේ දත්ත වල ආරක්ශාව පවත්වගන්න. WPA2 වලදි wifi එකට connect වෙන හැමෝටම දෙන්නෙ එකම encryption එක.ඒ නිසා තව කෙනෙක්ට ඔයාගෙ දත්ත හොරා ගැනීමෙ හැකියාව තියෙනවා. ඒත් WPA3 එක්ක මේ හැකියාව නෑ. මොකද මේකෙදි එක එක්කෙනාට තමන්ටම අනන්‍ය වූ encryption එකක් හම්බෙනවා. ඒ නිසා බය නැතුව WPA3 තියෙන public wifi එකක් බය නැතුව use කරන්න පුලුවන් sensitive data transfer කරන්න උනත්. ඔයා public wifi එකක් use කරනවා නම් VPN එකක use කරන්න. එතකොට ඔයාට වෙනම encryption එකක් හදාගෙන data transfer කරගන්න පුලුවන්. WPA2 වලදි භාවිත වෙන්නෙ 128bit encryption එකක්. WPA3 වල තියෙන්නෙ 192bit encryption එකක. ඒ වගේ encryption එකක් නම් කඩන්න ලේසි වෙන එකක් නෑ. අපේ පරන wifi routers නම් WPA3 support කරන්නෙ නෑ. ඔයා අනාගතේ wifi router එකක් ගන්නවා නම් ඒක WPA3 support කරනවද කියලා බලලා ගන්න. මේ මොන update ආවත් WP3 වලත් weak points නෑ කියලා නම් හිතන්න අමාරුයි. ඒ ගැනත් අපි ඉස්සරහට බලමු මේක ආවාම.
* ꧁тнιℓιηå꧂*
* ꧁тнιℓιηå꧂*
Comments
Post a Comment