How to Detect WIFI Deauthentication Attack

මම හැමදාම කියනවනෙ ඉතින් දෙයක් දැන්ගත්තට කමක් නෑ පිස්සො වගේ පාවිච්චි කරන්න එපා කියල. අද පෙන්නන්න යන්නෙ ඇයි මම එහෙම කියන්නෙ කියල.

කට්ටියට මතක ඇති මම කලින් කියල දුන්න Wifi deauthentication attack එකක් කරන හැටි. අද පෙන්නන්න යන්නෙ මේ attack එකක් අදුරගන්නෙ කොහොමද කියල.



මේක නම් හරිම ලේසි වැඩක්. මුලින්ම අපි හදාගත්තු script එක run කරමු.

./wifi_deauth.sh

දැන් අපි wireshark කියන gui tool එක පාවිච්චි කරල තමයි මේක කරන්න යන්නෙ. මේක menu එකේ තියෙනවනම් open කරගන්න. ඔයා මම වගේ කම්මැලිකමේ ප්‍රතිමූර්තියක් නම් නිකන්ම terminal එකේ wireshark කියල type කරන්න.

සමහරවිට පොඩි error එකක් එයි. ඒක ගනන් ගන්න එපා. දැන් ඕකෙ any කියල තියෙන එක open කරගන්න.

එතකොට හොදට බලාගන්න පුලුවන් වෙයි Deauthentication කියල message එක පිට එක පෙන්නනව එන source එකත් එක්ක.

ඔන්න ඔහොම තමයි බොහොම පහසුවෙන් wifi deauth attack එකක් detect කරන්නෙ.

Happy Hacking ...

Lesson By : NightShade

Comments

Popular Posts