Linux Basic Commands සිංහලෙන් #1
*Linux Basics for Starters #1*
ඔන්න එහෙනම් අපේ Linux Series එක පටන් ගන්න යන්නෙ අද.
මේකෙ මූලික අරමුණ තමයි basic linux command ගැන ඔය ගොල්ලන්ට පොඩි දැනුමක් ලබා දෙන එක.
දැන් ඉතින් අනේ මට Linux OS එකක් නෑ කියල දුක් වෙන්න එපා. ඒකට තමයි Turmux කියන android app එක තියෙන්නෙ. Play store ඇති. බාගෙන වැඩේට එන්න.
ඇත්තටම මේක පටන් ගන්න හිතුනෙ කට්ටියට Turmux එකේ වැඩ ලේසි කරන්න තමයි.
එහෙනම් දැන් පාඩම වෙත.... හැරෙන්!
=================================
*Navigating & Interacting with Files and Directories*
=================================
Linux command වලටම අපි Shell commands කියලත් කියනව. ඒක නිසා මම මේ පාඩම් මාලාවෙ බොහෝ විට පාවිච්චි කරන්නෙ Shell කියන වචනෙ.
එහෙනම් අපි Basic ම command ටික බලමු. අද අපි සාකච්චා කරන්න යන්නෙ Folder & files එක්ක වැඩ කරද්දි භාවිතා කරන command ගැන.
pwd command
pwd කියන්නෙ print working directory කියන එක. මේකෙන් වෙන්නෙ අපි දැන් වැඩ කරන directory එක පෙන්නන එක.
pwd
කියල ගැහුවම අපි වැඩ කරන directory එක පෙන්නයි.
_මොකක් කිව්ව ? Directory කියන එක දන්නෙ නෑ ? Directory කියල අපි කියන්නෙ windows වල folders කියන එකටමයි._
cd command
අපිට directory එකකට යන්න ඕනෙ නම් පාවිච්චි කරන්නෙ මේක. අපි හිතමු අපිට mydirectory කියන folder එකට යන්න ඕනෙ කියල.
cd mydirectory
කියල ගැහුවම ඒකට අපිට යන්න පුලුවන්.
mkdir command
අලුතින් directory එකක් හදන්න ඕනෙ නම් භාවිතා කරන්න ඕනෙ මේක. අපිට test කියල folder එකක් හදන්න ඕනෙ නම්
mkdir test
කියල ගැහුවම ඒ directory එක හැදෙනව.
rmdir command
මොකක් හරි folder(directory ) එකක් delete කරන්න ඕන නම් මේක පාවිච්චි කරන්න. අපි කලින් හදපු test කියන directory එක delete කරන්න
rmdir test
කියන එක ටයිප් කරන්න ඕනෙ.
ls command
ls කියන්නෙ list කියන තේරුම දෙන command එකක්. මොකක් හරි directory එකක් ඇතුලෙ තියෙන්නෙ මොනාද කියල බලන්න තමා මේක භාවිතා වෙන්නෙ. තමන්ට ඕනෙ directory එකට ගිහින් ls කියල ගැහුවම ඒකෙ තියෙන දේවල් පෙන්නනව.
touch command
අලුත් file එකක් හදන්න භාවිතා කරන්නෙ මේ විධානය. newfile කියන file එක හදන්න ඕනෙ නම්
touch newfile
කියන විධානය ටයිප් කරන්න ඕනෙ. දැන් අපි කලින් බලපු ls command එක ගහන්න. එතකොට අපිට newfile කියල එකක් පෙන්නයි.
cat command
මොකක් හරි file එකක් කියවන්න පාවිච්චි කරන්නෙ මෙන්න මේ විධානය. අපි කියමු myname.txt කියල file එකක් තියෙනව අපිට ඕනෙ terminal එකෙන් ඒක කියවන්න.
cat myname.txt
කියල ගැහුවම අපිට ඒකෙ තියෙන දේවල් බලා ගන්න පුලුවන්.
echo command
අපි දෙන argument එක (input එක) ආයෙත් print කරන එක තමා මේකෙ රාජකාරිය.
echo hello,world
කියල ගහල Enter දුන්නොත් මේක hello,world කියල terminal එකේ print කරනව.
----------------------------------------------------
එහෙනම් ඉතින් අදට එච්චරයි. කට්ටියම ඉතින් කියවල නිකන් ඉන්න එපා. Linux distro එකක හරි Turmux එකේ හරි මේව කරල බලන්න. ටික දවසක් යනකොට නිකන්ම මතක තියෙයි.
හැමෝටම සුබ දවසක්!
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
:::We Don't Hack Technology…:::
:::We Hack The Human Mind…::

:::Lesson By :- :::NightShade::::::

Comments
Post a Comment