Linux Basic Commands සිංහලෙන් #4

ඔන්න එහෙනම් අපේ හතර වෙනි ඒ වගේම බොහෝ විට අවසාන Linux Basic Command පාඩමත් අරගෙන ආව.

====================
Installing and Removing Packages
====================

අපි මොකක් හරි OS එකක් භාවිතා කරනකොට, ඒක Windows වේවා Linux වේවා අපිට පිටින් Software install කරගන්න ඔනෙනෙ. අන්න ඒකට Linux distro වල භාවිතා වෙන්නෙ Package Manager කියල පොඩි මෘදුකාංගයක්. මේ package managers ඒ ඒ linux distro එක අනුව වෙනස් වෙනව. ඒවගේ ටිකක් තමයි,

• apt
• yum (dnf)
• brew
• pacman
• zypper
• emerge (portage)
• dpgk

අපි බහුලවම භාවිතා කරන්නෙ Debain(Ubuntu, Kali Linux) නිසා මම ඒකට එන apt ගැන කතා කරන්නම්.

Update සහ Upgrade කිරීම.

apt-get update
apt-get upgrade

එහෙම නැත්නම්

apt-get update && upgrade

Package installation

apt-get install [package]
apt-get install git

Remove packages

apt-get remove [package]
apt-get remove git

Upgrade a Package

apt-get install [package]

(මේකත් install කරන විධානෙමයි. ඒත් අපි දැනටමත් ඒක install කරල තියෙනවනම් මේකෙන් Latest version එකට update වෙනව.)

Search a package

apt-cache search [package name]

ඔන්න ඔහොම තමයි ඉතින් සරවම package managers වලින් වැඩ කරන්නෙ. අදට පාඩම එච්චරයි. ආයෙ නම් linux command ගැන පාඩමක් දාවිද කියල කියන්න බෑ. ඔයාලට තව මොනව හරි දැනගන්න තියෙනවම් කියන්න. ඒ අනුව මම තව linux පාඩමක් කරන්නම්.

හැමෝටම සුබ දවසක් !

Comments

Popular Posts