C Programming සිංහලෙන් #3 - part 01
Datatypes
කොහොමද කට්ටිය අලුත් C පාඩමක් තමා අද ගෙනාවේ අලුත් කිව්වට කලින් පාඩමේම ඉතුරු කොටස තමයි මේ. කලින්ම කිව්වා පරක්කු උනාට සොරි වේවා!.
කලින් පාඩම බලපු නැති අය මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.
හරි එහෙනම් අද වැඩේ පටන්ගමු අපි, අද මම කියලා දෙන්න යන්නේ C වලදි අපි පාවිච්චි කරන මූලිකම Datatypes මොනවද ඒවා එක්ක අපි කොහොමද වැඩ කරන්නේ කියලා ඒ වගේම පාඩමේ අන්තිමට මම කිව්වා C වලදි ප්‍රධාන වශයෙන් අපිට, integer, strings, char, floating points කියන දත්ත ප්‍රරූප හරිද මන්දා වචනේ 🤔😂, Datatypes හම්බෙනවා කියලා, ඉතින් මේවා එක්ක වැඩ කරනකොට අවශ්‍ය මූලික ආකෘතිය කලින් පාඩමේදි කියලා දුන්නා, අන්න ඒ විදිහට අද මේ Datatypes එක්ක වැඩ කරන්නේ කොහොමද බලමු.
01. Strings and Char
මොනවාද මේ Strings කියන්නේ?, ඕනෙම ලැන්ග්වේජ් එකක තියන ප්‍රධාන Datatype එකක් මේක. මේකෙදි කියන්නේ සරලවම කිව්වොත් Text Values එක්ක වැඩ කරන්න පුලුවන් කොහොමද කියන එක, Text කිව්වා කියලා වරදවා වටහාගන්න එපා වචන කියන අර්ථය තමයි මේකෙදි කියන්නේ. අපිට String Variable එකකදි පාවිච්චි කරන්න වෙනවා මුලින්ම char කියන keyword එක දැන් කට්ටිය බලයි මොකද String වලට Char දෙන්නේ කියලා, මම කිව්වනේ String එකක් කියන්නේ වචනයක් කියලා, වචන හැදෙන්නේ අකුරු වලින් නේ 😪😂 ඉතින් අන්න ඒ නිසායි char කියලා දෙන්නේ. හරි දැන් ඊලගට අපි Variable එකට නමක් දෙන්න ඕනේ, මට කලින් පාඩමේදී කියන්න බැරි උන පොඩි වැරැද්දක් තමා *වේරියබල් වලට අපි නම් දෙනකොට හැමවෙලේම අපි මතක තියාගන්න ඕනේ අකුරකින් පටන් ගන්න එහෙම නැත්තම් අපිට
_ සලකුණ(Underscore) පාවිච්චි කරන්නත් පුලුවන් මැද්දේන් ඉලක්කම් පාවිච්චි කරන්නත් පුලුවන් ඒකත් මතක තියාගන්න, විශේෂම කාරණාව තමයි Space තියන්න බෑ.* හරි දැන් නම දුන්නට පස්සේ අපි දෙන්න ඕනේ කොටු වරහන් දීලා අපේ String එකේ අපි ඇතුලත් කරන්න යන Characters එහෙම නැත්තම් වචන ගාන කීයද කියලා.ඊටපස්සෙ = ලකුන දීලා "" ඒක ඇතුලේ තමයි වේරියබල් එකට අපේ String එක දෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් පල්ලෙහා තියන එක බලන්න. (Strings Values දෙනකොට අපි දෙන හිස්තැනත් එක Character එකක් වශයෙන් සලකන බව අමතක කරන්න එපා.)
_ සලකුණ(Underscore) පාවිච්චි කරන්නත් පුලුවන් මැද්දේන් ඉලක්කම් පාවිච්චි කරන්නත් පුලුවන් ඒකත් මතක තියාගන්න, විශේෂම කාරණාව තමයි Space තියන්න බෑ.* හරි දැන් නම දුන්නට පස්සේ අපි දෙන්න ඕනේ කොටු වරහන් දීලා අපේ String එකේ අපි ඇතුලත් කරන්න යන Characters එහෙම නැත්තම් වචන ගාන කීයද කියලා.ඊටපස්සෙ = ලකුන දීලා "" ඒක ඇතුලේ තමයි වේරියබල් එකට අපේ String එක දෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් පල්ලෙහා තියන එක බලන්න. (Strings Values දෙනකොට අපි දෙන හිස්තැනත් එක Character එකක් වශයෙන් සලකන බව අමතක කරන්න එපා.)
char name[5]="Hello";
01 රූපය බලන්න, මේ රූපය අනුව මෙතනදි මම mystring කියලා වේරියබල් එකක් හදලා තියනවා ඒකට දාන්න පුලුවන් Characters ගාන 10ක් කියලා දීලා තියනවා. ඊටපස්සෙ String value එකට මම MY STRING කියලා දීලා තියනවා.ඊටපස්සෙ printf function එක පාවිච්චි කරලා වේරියබල් එකේ තියන String එක print කරලා තියනවා. ටිකක් අමුතු දෙයක් තියනවා නේද🤔,
print("%s", mystring);
%s කියන්නේ මොකද ඇත්තටම, මේවට කියන්නේ format specifier කියලා printf function එකත් එක්ක තමයි මේවා යෙදෙන්නේ අපි print කරගන්න පාවිච්චි කරන මොකක්හරි වේරියබල් එකක් අඩංගුවෙන ඩෙටා මොන වර්ගෙට අයිතියද කියන එක තමයි මේකෙන් කියන්නේ, පල්ලෙහායින් තියනවා මේ විදිහට C වලදී පාවිච්චි කරන format specifiers කීපයක්.
%s String
%c Character
%d Integer
%d Floating point
%c Character
%d Integer
%d Floating point
අද පාඩමේදි අපි කතා කරන්නේ මේ format specifiers එක්ක ඒක නිසා මේ 4 විතරක් දැම්මේ තව තියනවා ඉස්සරහාදි බලමු ඒවා. මම හිතන්නේ Strings ගැන සුපිරියටම තේරෙන්න ඇති දැන්නම්.
එහෙනම් දැන් බලමු Character එක්ක වැඩ කරන්නෙ කොහොමද කියලා, කලින් වගේමයි එහ් උනාට මෙතනදි අපි Character Value එකක් දෙන්න ඕනේ නෑ එච්චරයි වෙනසකට තියෙන්නේ. හැබැයි අපිට Char Variables එකේදි "" පාවිච්චි කරන්න බැ 😪එහෙම උනොත් ඒක String එකක් වෙනවා, Char නම් '' ඇතුලේ තමයි Value එක දෙන්න ඕනේ අපි. පල්ලෙහා තියන එක වලන්න උදාහරණයක් වශයෙන්.(විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේකෙදි එක Character එකක් විතරයි පාවිච්චි කරන්න පුලුවන්)
දැන් බලන්න 02 රූපය, මෙතනදි මම myvar කියලා වේරියබල් එකක් පාවිච්චි කරලා තියනවා වැඩි විස්තර මේකෙදිනම් ඕනේ නෑ නේ තේරුම්ගන්න පුලුවන් String එක්ක පොඩ්ඩක් සසදලා බැලුවානම්. අන්තිමට සුපුරුදු පරිදි ඉතින් අපි printf function එකක් පාවිච්චි කරලා අපේ වේරියබල් එකේ තියන Value එක print කරලා තියනවා. මේකෙදි අපි පාවිච්චි කරලා තියන්නේ %c කියන format specifier එක.
02. Integers
ඕනෙම ධන හෝ රින😂,(වැඩිය ගනන්ගන්න එපා ඒක) පූර්ණ සංඛ්‍යාවක් එක්ක වැඩ කරනකොට Integer වේරියබල් පාවිච්චි කරනවා. Strings & Char වලදි char කියන Keyword එක පාවිච්චි කරා වගේම integer වලදී int කියන keyword එක පාවිච්චි කරනවා.කලින් වගේම int keyword එක දුන්නා මුලින්ම ඊටපස්සෙ අපේ වේරියබල් එකට දෙන නම දුන්නා = ලකුණු දැම්මා value එක දුන්නා. 😂
පල්ලෙහා තියන එක බලන්න උදාහරණයක් වශයෙන්.
පල්ලෙහා තියන එක බලන්න උදාහරණයක් වශයෙන්.
int number=123;
Integers පාවිච්චි කරනකොට අපිට '' නැත්තම් ''" කිසිම එකක් පාවිච්චි කරන්න ඕනේ නෑ ඒකත් මතක තියාගන්න 😪 ඒවනම් දන්නවා ඇතිනේ.
03 රූපය බලන්න දැන්, mynum කියලා integer වේරියබල් එකක් මම මේකෙදි හදලා තියනවා, ඊටපස්සෙ ඒකට 256 කියන Value එක දීලා තියනවා. ඊටපස්සෙ printf function එක පාවිච්චි කරලා වේරියබල් එකේ තියන අගය print කරලා තියනවා, එහ් වගේම මේකෙදි පාවිච්චි කරන්නේ %d කියන format specifier එක. Integers ගැන තේරෙන්න ඇතිනේ හොදට ඒක නිසා දැන් අනික් එකට යමු අන්තිම එක.
03. Floating Points/Floats
දශමස්ථාන සහිත සංඛ්‍යා වලට Floating point කියනවා, ඉපිලෙන සංඛ්‍යා කියන එක.තමයි එහ් කියන්නේ, 🤔 හරිද මන්දා හරි ඇති මම හිතන්නේ 🤪. float කියන keyword එක තමයි අපි මේකෙදි පාවිච්චි කරන්නේ අනික් වේරියබල් හැදුවා වගේම මේකත් හදනවා පල්ලෙහා තියන එක බලන්න, float දුන්නා, වේරියබල් එකේ නම දුන්නා = ලකුණුන දාලා එහාපැත්තෙන් අපේ දශම සංඛ්‍යාව දුන්නා, සෝ සිම්පල්😉,
float number=1.123456789;
number කියලා වේරියබල් එකක්.හදලා ඒකට මම මෙතනදි 1.123456789 කියලා අගයක් ආදේශ කරලා තියනවා. හැබැයි C වලදී අපිට වැඩකරන්න දෙන්නේ දශමස්ථාන 6ක් එක්ක විතරයි ඒකත් මතක තියාගන්න අවසාන දශමස්ථානයට ඊටපස්සෙ තියන අගයන් ආදේශ කරලා තමයි දෙන්නේ, 🤔 කිව්ව දේ තේරෙන්න ඇතිනේ,
04 රූපය බලන්න, float Variable එකක් හදලා තියනවා මම මේකේ mynum කියලා ඊටපස්සෙ අගයට දීලා තියනවා 1.123456789 කියන අගය. ඊටපස්සෙ printf පාවිච්චි කරලා variable එකේ තියන අගය print කරගෙන තියනවා, %f කියන format specifier එක තමයි floats වලට තියෙන්නේ.
එහෙනම්.අදට එච්චරයි හැමෝටම සුබ දවසක්, වැරැද්දක් තියනවානම් කියන්න, Good Luck My programmers 😉, ඉක්මනටම අලුත් පාඩමකින් හම්බවෙමු එහෙනම්.
Lesson by, N4x3r
Comments
Post a Comment