Figlet

හෙලෝ ගායිස් කොහොමද ටිකක් අමුතුම tutorial එකක් මේක, කම්මැලි උන්, කරන්න බැරි උන් කරන්න එපා මුලින්ම කිව්වා,

Figlet කියන ප්‍රෝග්‍රෑම් එක දන්නවා ඇති කට්ටිය ඉතිම් මේකෙන් කරන්නේ අපි දෙන මොකක්හරි ඉන්පුට් එකකට ගැලපෙන ASCII බැනර් එකක් හදලා දෙන එක, අද මම කියලා දෙන්න යන්නේ Figlet නැතුව මේක තනියම කරගන්න විදිහ, බැරි උන් කෑගහන්නේ නැතුව ඉදපන් ඕනේ උන් කරපන් එච්චරයි😂,



*මුලින්ම ඔයාකැමතිම Text editor එක ඕපන් කරගෙන ඕනෙම විදිහකට පොඩි ASCII බැනර් එකක් වගේ මොනවාහරි ටයිප් කරගන්න* (01 ඉමේජ් එකේ තියනවා වගේ)

වැඩෙන් දැන් 40ක්ම ඉවරයි 😃

දැන් අපිට ඕනේ මේ ASCII බැනර් එක bash වලට සපෝට් කරන විදිහට හදාගන්න, echo කරගන්න, කිසිම අවුලක් නෑ bash දන්නේ නැති කෙනෙක් නම් දැනගන්න ඔන්න අද echo කමාන්ඩ් එකෙන් තමයි අපි දෙයක් output වෙන්න දෙන්නේ, හරි මේහේ Syntax එක

echo ""

ඔයා හදපු අර ASCII text එකේ හැම ලයින් එකක් ඉස්සරහින්ම ඔයා දැන් මේ echo එක දාන්න වෙනවා,තව දෙයක් මෙතනදි bash කලර්ස් පාවිච්චි කරන නිසා මම -e කියන argument එක පාවිච්චි කරලා තියනවා😂ඒකට කියන නම argument නෙවෙයි නම් හරිගස්සපන් ඕකේ සිරාවටම දන්නේ නෑ ඒකනම්, *02 ඉමේජ් එක බලන්න එතකොට තේරෙයි කට්ටියට, මෙතනදි අපි හදපු එක අපි දාලා තියෙන්නේ echo එක ඇතුලට කෙලින්ම කිව්වොත් ඒකයි කරේ,*

හරි දැන් වැඩෙන් ගොඩක් හරි, තව තියනවා හැබැයි කරන්න පොඩි වැඩ ටිකක්,

Bash වලට සපෝට් කරන colors කීපයක් තියනවා, මේවා දාලා පොඩි වැඩ කෑල්ලක් දාමු කැතයිනේ නැත්තම් මේ බැනර් එක😃😂,

Bash color කෝඩ් පාවිච්චි කරන්න ඕනේ මෙහෙමයි,

\e [m

*(m ට කලින් අදාල නම්බර් එක.දෙන්න ඕනේ 1 ඉදන් නම්බර් තියනවා)*

*02 ඉමේජ් එකේ තියනවා ඒහ් කෝඩ් ටික*

1 කියන්නේ bold text.

හරි දැන් අපේ බැනර් එක තියන ෆයිල් එකේ උඩටම ගිහින් අලුත් ලයින් එකක් ගන්න ඕනේ, මෙතනදී එකම.කෝඩ් එක ගහ ගහ ඉන්න ඕනේ නැති වෙන්න මම bash variables පාවිච්චි කරනවා අමාරු නෑ මේ මුකුත්,

Variablename=value

ඔන්න ඔච්චරයි bash variables සෝ ඊසී 😂

*කොල.පාටට මගේ ලෝගෝ එක මම හදන්න යන්නේ ඒක නිසා මම පාවිච්චි කරන කෝඩ් එක තමයි, ටිකක් කැපිලා පේන්න ඕනේ නිසා මම මේකට බෝල්ඩ් කෝඩ් එකත් දානවා.*

GreenB="\e[92m \e[1m"
Nocolor="\e[0m"

හරි මෙහෙම කෝඩ් එක ගහ ගත්තට පස්සේ යන්න පල්ලෙහාට ගිහින් ඔයාගේ බැනර් එකේ මුල්ම echo එකේ " ගාවට එන්න ඊටපස්සෙ දැන් අර උඩ හදපු variable එක මෙතනට දෙන්න ඕනේ, variable Call කරනවා කියලා කියන්නේ මේකට 😃, $ ලකුන දාලා ඔයාහදපු වේරියබල් එකේ නම දෙන්න, $GreenB, දැන් අන්තිම echo ලයින් එකට එන්න ඇවිල්ලා අන්තිමට තියන " ගාව දෙන්න $Nocolor කියන එක, (*03 ඉමේජ් එක බලන්න හොදටම තේරෙයි එතකොට*)
මේක දැම්මේ නැත්තම් ඔයාගේ මුලු ටර්මිනල් එකේම පාට අර අපි වෙනස්කරපු විදිහට එයි.😂 කරලම.බලප්න් මම මෙතන බොරු කියනවා වෙන්නත් පුලුවන් නේ 😒කිව්ව පලියට ශුවර් කරන්නත් එපා, 😂හරි එහෙනම්,

අන්තිමට කරන්න ඕනේ මේ මුලු කෝඩ් එකම අපි දාමු පොඩි function එකකට ඒකත් අමාරු නෑ

functionName()
{

*ඔයා හදපු මුලු කෝඩ් එකම මෙතනට දාන්න*

}

ඔක්කොම හරි දැන් තමයි අවසාන වැඩේ, ඕපන් කරගන්න ඕනේ දැන් ඔයා .bashrc කියන configuration file එක ඕනෙම linux/mac os එකක මේක තියනවා

ඔයාගේ හෝම් directory එකේම මේක තියෙන්නේ, hiddn කරලා තියන නිසා පේන්නේ නෑ හරි nano එකෙන් ඕපන් කරගන්න දැන් මේ ෆයිල් එක ඊටපස්සෙ අර අපේ කෝඩ් එක copy කරලා මේ .bashrc ෆයිල් එකේ යටටම ගිහින් paste කරන්න 😃, wait ඉවර නෑ තාම

දැන් යටටම යන්න ගිහින් ඔයා හදපු ඔය කෝඩ් එක තියන function එකේ නම දෙන්න දීලා ටර්මිනල් එක ක්ලෝස් කරලා ආයෙම ඕපන් කරලා බලන්න, 😋ඔන්න අද ඕකතමයි ඉතින් කියලා දෙන්න ආවේ වැරදි තියනවා නම් කියපන් කට්ටියම good luck(04. ඉමේජ් එක බලන්න අන්තිම ටික ඒකෙන් පැහැදිලි වෙයි)

Comments

Popular Posts