Linux Basic Commands සිංහලෙන් #2
======================
*Changing File Permissions*
======================
ඔන්න එහෙනම් ඉතින් අපේ Linux පාඩම් මාලාවෙ දෙවෙනි කොටස. අද අපි බලන්න යන්නෙ මොනවද මේ file permission කියන්නෙ කියල.
හැමෝම ඔය මොකක් හරි ටූල් එකක් බාගත්තට පස්සෙ chmod 777 / chmod +x වගේ ඒව ගහල ඇති. ඒත් මෙතන ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල මේකෙන් පස්සෙ ඔයාලට තේරෙයි.
ලිනක්ස් වල file access කරන්න පුලුවන් කණ්ඩායම් ප්‍රධාන වශයෙන් 3ක් ඉන්නව.
1. User/ Owner
2. Group
3. World / All Users
කියල අපි සරලවම මෙයාලව හදුන්වනව. User කියන්නෙ අපේ account එක. Groups කියල තියෙනව Administrators, Normal Users, Sudo, Root වගේ ඒව. ඉගාවට World කියන්නෙ ඔයාගෙ පද්ධතිය භාවිතා කරන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට.
මුලින්ම බලමු file එකකට දීල තියෙන permission බලන විදිහ.
අපිට ඕනෙ myfile කියන file එකේ permission බලන්න. ඒකට
ls -l myfile
කියන එක දෙන්න. එතකොට ඒක ගැන විස්තර වගයක් එයි. ඒකෙදි මුලින්ම මෙන්න මේ වගේ ටිකක් බලාගන්න පුලුවන් වෙයි.
rw- r-- ---
මෙන්න මේක තමයි file permission පෙන්නන්නෙ. *සාමාන්‍යයෙන් permission වර්ග 3යි.*
1. Read (r)
2. Write (w)
3. Execute (x)
මම කලින් කිව්වනෙ කණ්ඩායම් 3ක් ගැන. මේකෙදි එක් කෙනෙක්ට හිස්තැන් 3ක් තියෙනව. ඒව තමයි ඔය --- කියල තියෙන්නෙ.
මුලින්ම පෙන්නන්නෙ Owner ගෙ permissions. මේකෙදි අපිට බලා ගන්න පුලුවන් ඒක rw- කියල තියෙන්නෙ. ඒ කියන්නෙ එයාට Read Write දෙකම පුලුවන් ඒත් Execute කරන්න බෑ කියල.
දෙවෙනියට පෙන්නන්නෙ Group Permissions. අපිට බලාගන්න පුලුවන් ඒක r-- කියල තියෙන්නෙ. Group එකේ ඉන්න අනිත් අයට මේ file එක Read කරන්න විතරයි පුලුවන්. Write & Execute කරන්න බෑ.
අන්තිමට All Users Permissions තියෙනව. ඒත් ඒකෙ කිසිම අකුරක් නෑ.
---
ඒ කියන්නෙ Read, Write, Execute මොකුත් කරන්න බෑ.
*මෙන්න මේ permission වෙනස් කරන්න ඕනෙ උනහම අපි chmod කියන විධානය භාවිතා කරනව.*
chmod 777 myfile කියන්නෙ හැම කෙනෙක්ටම full permission දෙනව කියන එක. මේක ගහල අපේ file permission ආයෙ බැලුවොත් ls -l myfile වලින්
rwxrwxrwx
කියල පෙන්නයි. ඒ කියන්නෙ හැමෝටම Read, Write, Execute permission තියෙනව කියල.
chmod command එකේ පලවෙනි අංකෙන් Owner ටත් දෙවෙනි අංකෙන් Group එකටත් තුන්වෙනි අංකෙන් All Users ටත් ලැබෙන permission සදහන් වෙනව.
අංකය අවසරය
7 Read & Write & Execute
6 Read & Write
5 Read & Execute
4 Read Only
3 Write & Execute
2 Write Only
1 Execute Only
0 No Permission
දැන් අපි හිතමු මොකක් හරි file එකක් අපිට Full Permission නුත් Group එකට Read & Execute සහ All Users ට Execute Only ත් දෙන්න ඕනෙ කියල.
chmod 751 myfile
දැන් මේකෙ permission බැලුවොත් අපිට පෙනෙයි rwxr-x--x කියල.
කොහොම උනත් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ 777 තමයි. ඒත් ඉතින් අනිත් ඒවත් දැනගන්න එක වටිනවනෙ.
එහෙනම් ඉතින් අද පාඩම මෙතනින් ඉවරයි. හැමෝටම සුබ දවසක් !
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
:::We Don't Hack Technology…:::
:::We Hack The Human Mind…::

:::Lesson By :- :::NightShade::::::

Comments
Post a Comment