Arduino lesson #3


  1. අඩු පාඩු ඇති මේවා type කරන්න ගියහම පල්ලට යද්දී උඩ type කරපු ටික මතක නෑ ඒකයි සීන් එක ආයේ කියවන්නත් කම්මැලි ඒයි කී පාරක් කියලා කියවන්නද මට මග ඇරුණ දෙයක් තිබුණෝත් comment එකක් විදියට හරි අහන්න.......


ඔන්න ළමයි අද nightrider led patten එක හදන විදිය කියාදෙන්න කියලා හදන්නේ group එකේ ගොඩක් අය මට කිව්වා මේක කරන විදිය දාන්න කියලා ඔන්න එහෙනම් පාඩම කට්ටියම හොදට අහගන්න.

දන්න අය කොනට වෙලා නොදන්න අයට මැද්දට එන්න ඇවිත් හොදට අහගන්න..

දන්න උන් comment එක අස්සේ හැමිල්ටන් වීමෙන් වලකින්න.....

මන් මේක කියාදෙන්නේ for loop එකයි int එකයි use කරලා Nightrider LED patten එක හදාගන්න විදිය..

හරි මේකට ඔනි LED බල්බ් කිහිපයක්,ජම්පර් කේබල්ස් ටිකක්,බ්රෙත් බෝර්ඩ් එකක්, ආර්ඩිනෝ උනෝ බොර්ඩ් එකක්,අනිවාරෙන් ඔනි දෙයක් තමා pc,laptop or phone ඔය ටිකෙන් එකක් ඔනී..

මන් කලින් ලෙසන් දෙකක් දාලා තියනවා ඒ දෙකේ ලින්ක් එක පල්ලෙන් දාන්නම් ඒක බලපු නැති අය ඒකත් බලන්න...

#1 Arduino lesson 01
https://www.facebook.com/groups/914841302227503/permalink/936777800033853/

#2 Arduino lesson 02
https://www.facebook.com/groups/914841302227503/permalink/941484262896540/

හරි එහෙනම් පාඩම පටන් ගමු..

ඔයාලා ඔයාලගේ LED බල්බ් ටික බ්රෙත් බෝර්ඩ් එකට සම්බන්ධ කරගන්න ඔනී ඒකේ තියනවා (-) කියලා mark එකක් තියන එක ලයින් එකක් බොර්ඩ් එකේ කෙලවරට වෙන්න ඒකට LED බල්බ්වල (-) පැත්ත සම්බන්ධ කරගන්න කරගන්න ඔනී විදිය මන් ෆොටෝ එකක් දාන්නම්

හරි එහෙම කරාට පස්සේ බල්බ් බල (+) පැත්තට එක ජම්පර් කේබල් එක ගානේ දාලා සම්බන්ධ කරගන්න.

ඊට පස්සේ ඔයාලට ඒ බල්බ්වල (+) පැත්තට ආර්ඩිනෝ බෝර්ඩ් එකේ 01-13 වෙනකම් pin තියනවා ඒවට සම්බන්ධ කරන්න....

හරි දැන් ඔයාලට තියන වැඩ වලින් ටිකක් ඉවරයි...

දැන් තමා හොදම ටික තියෙන්නේ සමහර අයට අමාරුම ටික ආර්ඩිනෝ කෝඩ් එක ලියලා බොර්ඩ් එකට අප්ලෝඩ් කරන එක හරි දැන් කෝඩ් එක ලියන්න තියෙන්නේ මන් කෝඩ් එක පල්ලේන් දාන්නම් ඔයාලා ඒක ඔයාලා බල්බ් සම්බන්ධ කරලා තියන විදියට වෙනස් කරගන්න........
හරි මන් ෆොටෝ එකක් දාන්නම් ඔයාලට කෝඩ් එකයි බල්බ් සම්බන්ධ කරගන්න විදියයි....

දෙයක් අමතක උනා මන් ඕකේ වේරියබල් දලා තියනවා මන් එකයි දලා තියෙන්නේ time කියලා එකක් විතරයි එකේ 200ය කියලා දාලා තියෙන්නේ මිලිතත්පර වලින්
ඒකෙන් තමා බල්බ් එක නිවිලා තියන වෙලාව පත්තුවෙලා තියන වෙලාව තීරණේ වෙන්නේ ඔයාලා එක වෙනස් කර කර බලන්න.....

ඕකේ මන් ඔය 1,2,3,4,5,6 කියලා pin වලට දාලා තියෙන්නේ මන් බල්බ්වල (+) පැත්ත ආර්ඩිනෝ බෝර්ඩ් සම්බන්ධ කරලා තියන pin ටික ඔයාලා එක සම්බන්ධ කරගන්න විදියට ඒක වෙනස් කර ගන්න ...

හරි එහෙනම් වැඩේ කරලා බලන්න වැඩේ කරගන යද්දී අවුලක් ආවෝත් මගේ ඉන්බොක්ස් එන්න මන් කියාදෙන්නම්......ඔයාලා මාව whatsapp එකෙන් contact කරගන්නවා නම් ඉක්මනට ඔයාලට ඔනි දේවල් ටික දැනගන්න පුලුවන්....

ඒ නිසා කැමති අය අපේ whatsapp group එකට එන්න......

ආහ් ඔයා අපේ whatsapp group එකේ නැත්තම් දැන්ම අපිත් එක්ක සෙට් වෙන්න.. ගොඩක් අය ඉන්නවා ඒ නිසා අපි දැන් 3න් වෙනි group එකකුත් හැදුවා මෙන්න ලින්ක් එක එකේන් ඔයාලට ඔනිම වෙලාවක ඔනිම දෙයක් අහගන්න පුලුවන් එක ඇඩ්මින් කෙනෙක් හරි හැමවෙලේම ඔන්ලයින්......

#3 hacking society & termux 3
( https://chat.whatsapp.com/IG3tcQBvBEgKjWhNIcqnGv )

#4 chat room
( https://chat.whatsapp.com/DssQh0KXnZQ3F2k877PVNE )

ඔන්න එහෙනම් කට්ටියම පරිස්සමින් ඉන්න....
මන් ගියා ආයේ මන් එන්නම් IR sensor එක ගැන කියලා දෙන්න...

බුදු සරණයි!!!!!!!

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
:::We Don't Hack Technology…:::
:::We Hack The Human Mind…:::
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
:::Lesson By :- :::KING CK :::::::::::
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::



Comments

Popular Posts