Termux - Changing Default Working Directory

Termux

Changing Default Working Directory



කට්ටිය කොහොමද ඉතින්, ටිකක් වෙනස් දෙයක් කියලා දෙන්න ආවේ ඉතින් අද මම. ටර්මක්ස්(Termux)ගැන තමයි මේ පාඩම.
දැනටම ඩවුන්ලෝඩ් කරගෙන නැති අය ඩවුන්ලෝඩ් කරගන්න, ලින්ක් එක පල්ලෙහායින් දාලා තියෙන්නේ

https://play.google.com/store/apps/details?id=com.termux

ටර්මක්ස් එක්ක වැඩ කරනකොට ඔයාලට එන ලොකු ප්‍රශ්නයක් තමයි, අපි ඉන්න තැනට, සාමාන්‍ය විදිහට ඇක්සස් ගන්න බෑ, හේතුව තමයි ටර්මක්ස් ඉන්ස්ටෝල් උනාට පස්සේ ඕපන් වෙන Default Working Directory එක සාමාන්‍යයෙන් ඇක්සස් කරන්න බැරි සිස්ටම් එක ඇතුලේ එහ් කියන්නේ root වල තියන නිසා, අපිට මෙතන ඉදන් යන්න නම් root කරලා තියෙන්න ඕනේ, root අයට අවුලක් නෑ මේකෙන් එලියට යන්න සාමාන්‍ය විදිහට පුලුවන්,
root නැත්තම් බය වෙන්න එපා, අපි මේ default working directory එක වෙනස් කරමු එතකොට මේ අවුල නෑ😉, පොඩි කමාන්ඩ් එකක් තියනවා මුලින්ම අපිට ටර්මක්ස් ඇප් එකට අපේ ෆයිල් පර්මිශන් දෙන්න ඕනේ,

termux-setup-storage

මේ කමාන්ඩ් එක දුන්නහම ඔයාට 01 රූපයේ වගේ ඔයාගෙන් ෆයිල් පර්මිශන් ඉල්ලලා වින්ඩෝ එකක් එයි සාමාන්‍ය අනික් ඇප්ලිකේශන් වලට වගේම, ඒක Allow කරන්න.



දැන් අපි මේක දුන්නහම, storage එක ගාවට එනවා හැබැයි ඇතුලට යන්නේ නෑ, list command එක (ls) ගහපුහම දැන් ඔයාට storage කියලා ඩිරෙක්ටරි එකක් බලාගන්න පුලුවන් මේකට ඔයා යන්න ඕනේ,

cd storage

දැන් ඔයා ඉන්නේ ඔයාගේ Android ඩිවයිස් එකේ  ඔයාට සාමාන්‍යයෙන් ඇක්සස් කරන්න දෙන Storage එක ඇතුලේ, ls -l ගහලා බලාගන්න පුලුවන් ඉතින් දැන් ඔක්කොම දේවල්, දැන් අපි හදමු අපේ ටර්මක්ස් වැඩ කරන්න මේක ඇතුලේ Directory එකක් ඊටපස්සෙ. ඔයාකරන වැඩ මෙතන ඉදන් කරන්න පුලුවන්.

mkdir termux

termux කියලා දැම්මට ඔයාලට කැමතිනමක් මෙතන දාගන්න, ඊටපස්සෙ යන්න ඒ ඩිරෙක්ටරි එක ඇතුලට

cd termux

දැන් ඔයා clone කරන repositories, හැම දේම මෙතනට සේව් කරගෙන වැඩ කරන්න එතකොට වැඩකරන්න අමාරු වෙන එකක් නෑ.මේ පාත් එක මතක තියාගන්න වැඩකරන්න කලින් මෙතනට ඇවිල්ලා ඉන්නඕනේ ඒකත් අමතක නොකරම කරන්න. Script එකක් වගේ දෙයක් හදාගන්න ඉක්මනට වැඩකරන තැනට යන්න ඒකත් මම ම දෙන එක හරි නෑ නේ නේ😂.
එහෙනම් කට්ටියටම සුබ දවසක්

lesson by, N4x3r

Comments

Popular Posts